Jul 29, 2020

සිරිසේනට ගිය සිරිපාලට මිස්වුණ ජනපතිකම !

වසර 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන්නැයි මුලින්ම ආරාධනා කළේ තමන්ට බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

ඒ මහතා බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් මේබව කියා සිටියේය.

තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව ලැබුණු බවද ඔහු කියා සිටී.

එම යෝජනාවට තමන් කැමැත්ත පළ කළේ නම් ජනාධිපතිවරයෙක් බදුල්ලට ලැබෙන බවද ඔහු කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top