Manthri.lk විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, 8 වැනි පාර්ලිමේන්තුවේ 40% හෝ ඊට වඩා අඩු පැමිණීමක් ඇති මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සිටියි.
ඒ අතරින් අඩුම පැමිණීම සහිත මන්ත්‍රීවරයා වන්නේ ප්‍රේමලාල් ජයසේකර නොහොත් 'චෝකා මල්ලී' ය. ඔහු ගේ පැමිණීමේ ප්‍රතිශතය 21%කි.
මෙහි විශේෂත්වය වන්නේ අවම පැමිණීම සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පක්ෂ නායකත්වය දැරූ හා දරණ සිවුදෙනෙකු ද සිටීමයි. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක - මහින්ද රාජපක්ෂ මහතා (33%), සමගි ජන බලවේගයේ නායක - සජිත් ප්‍රේමදාස මහතා (39%), ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක අරුමුගම් තොන්ඩමන් මහතා (22%) හා අපේ ජන බල පක්ෂයේ නායක - පූජ්‍ය අතුරලියේ රතන හිමියන් (39%) ය.
මේ අතර, 8 වැනි පාර්ලිමේන්තුව තුළ 90% ට වඩා වැඩි පැමිණීමක් තිබෙන මන්ත්‍රීවරුන් සිටින්නේ 13 දෙනෙකු පමණි. ඒ, අතරින් ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජාතීන්ගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන්ත කරුණාතිලක මහතාය. ඔහුගේ පැමිණීමේ ප්‍රතිශතය 97.6%කි.