දෙසැම්බර් 10 වනදා සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කර තිබේ.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ රුපියල් දෙකෝටි 94 ලක්ෂයක රජයේ මුදල් වියදම් කර අදාළ ලිත් මුද්‍රණය කල බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහත්වරුන්ට එරෙහිවයි.
විත්තිකාර පාර්ශවයේ 02, 03, 04 සහ 06 යන සාක්ෂිකරුවන්ට එදිනට සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කරන්නැයිද අධිකරණය නියෝග කළේය.