Aug 01, 2020

ඉදිරි පොහොට්ටු ආණ්ඩුවක රාජ්‍ය ඇමතිකම් නෑ !

ඉදිරි මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට (පොහොට්ටුවට) ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බලය ලැබුණ හොත් රාජ්‍ය අමාත්‍ය ක්‍රමය අහෝසි කිරීමට සැලැසුම් සකස් කර එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ වෙනුවට කැබිනට් ඇමැතිවරුන්ට හා සමානව විෂය කාර්යයන් විශේෂ ව්‍යාපෘති සහ රාජ්‍ය ආයතන පැවරෙන කැබිනට් නොවන අමාත්‍ය පදවි ස්ථාපිත කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) (අ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා කර තිබේ. 

එසේම මෙවර මුල්වටයේදී කැබිනට් අමාත්‍ය පදවි සියල්ලම එකවර පත් නොකිරීමට ද සැලැසුමක් ඇති බව පැවසේ.

ව්‍යවස්ථාවේ 46 (1) (ආ) වගන්තිය අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමටද ජනාධිපතිවරයාට අවකාශ සලසා තිබේ. 

කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව එකතු කළවිට 70 දෙනකුට නව පත්වීම් ලබාදීමට ව්‍යවස්ථාවෙන් අවසර හිමිව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top