Aug 01, 2020

අන්තර්ජාල මඩවලට එරෙහිව ගම්මන්පිල CIDයට

තමා පිළිබඳව අපහාසාත්මක සහ සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උදය ගම්මන්පිල මහතා ඊයේ (31) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමා විසින් නොකරන ලද ප‍්‍රකාශ තමාගේ ප‍්‍රකාශ ලෙස ඒත්තු ගන්වමින් මෙසේ අන්තර්ජාලයේ ප‍්‍රචාරය කර ඇති බවත්ෙ ඇතැම් ප‍්‍රකාශ චේතනාත්මකව විකෘති කරමින් සංස්කරණය කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

අපහාසාත්මක ඡායාරූප හා අදහස් විකෘති කළ වීඩියෝ පට මගින් චේතනාත්මකව සිය කීර්තිනාමයට අපහාසයක් සිදුකර ඇති බවත් එම අසත්‍ය ලේඛන අපහාසාත්මක ඡායාරූප සහ වීඩියෝ සියල්ල මේ වන විට අන්තර්ජාලයේ බෙදා හැරෙමින් තිබෙන බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

 තමන්ට අපහාස කරන්නන්ගේ ෆේස් බුක් ගිණුම් කීපයක නම් ද ගම්මන්පිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර ඔවුන්ට එරෙහිව දණ්ඩනීති සංග‍්‍රහයේ සහ 2007 අංක 27 දරන පරිගණක විධිවිධාන පනත යටතේ කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ද ගම්මන්පිල මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top