Aug 01, 2020

මදූ හා රන්ජන් පැටලෙයි, Chat & music අතහැර නැගිට යයි (වීඩියෝ)

ඊයේ (31) රාත‍්‍රී 10.00ට ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.

එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.

බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බව මධුමාධව අරවින්ද මහතා පවසා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top