Aug 02, 2020

කුවේටය, ලංකාව ඇතුළු රටවල් 31කට ගුවන්ගමන් තහනම් කරයි Featured

කුවේට් රාජ්‍යය විසින් ලංකාව ඇතුළු රටවල් 31 ක් වෙත යළි දැනුම් දෙන තෙක් වාණිජ ගුවන්ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස තහනම් කර ඇත්තේ කොරෝනාවෛරස් පැතිරීමේ ඉහළ අවදානමක් ඇතැයි කුවේට් රාජ්‍යය විසින් සලකන ලබන රටවල් 31 ක් වෙතයි.

මේ පිළිබඳව එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) නිවේදනය කර තිබේ.

මෙම රටවල් 31ට ඇතුළත් වේ. ඉන්දියාව, පකිස්තානය, ඊජිප්තුව, පිලිපීනය, ලෙබනනය සහ ශ්‍රී ලංකාව මෙන්ම චීනය, ඉරානය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉතාලිය සහ ඉරාකය ද මෙම රටවල් 31ට ඇතුළත් ය.

මේ වන විට කුවේට් රාජ්‍යයෙන් කොරෝනෙවෛරස් රෝගීන් 67,000ක් මෙන්ම මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර, වෛරසය පැතිරයාම පාලනය කිරීමට මෙන්ම ක්‍රමක්‍රමයෙන් රට විවෘත කිරීමට පස් අදියර සැලැස්මක් පසුගිය මාසයේදී ආරම්භ කෙරුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top