File Photo File Photo
Aug 02, 2020

කැලණි ගඟේ නාන්න ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්

කැලණි ගඟේ රන්වල ප්‍රදේශයේදී දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සිසුන් දෙදෙනා 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top