Aug 02, 2020

ලෝක පාසැල් විවාද අවසන් සටනට ලංකාව අද එක්වෙයි Featured

මෙවර ලෝක පාසැල් විවාද ශූරතාවලියේ අවසන් මහා තරඟය අද (02) දිනයේදී පැවැත්වේ.

අවසන් මහා තරඟයට තේරී පත්වූ ශ්‍රී ලංකාව, කැනඩා කණ්ඩායමට මුහුණ දෙන මෙම විවාදය අද මෙරට වේලාවෙන් ප.ව. 7.00ට ඇරඹේ.

සයදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික විවාද කණ්ඩායමට ඇතුළත් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජනුල් ද සිල්වා සහ ෂලෙම් සුමන්තිරන්, කොළඹ ජාත්‍යන්තර පාසලේ රාහුල් ද සිල්වා සහ ජැස්මින් මාකන්දු, කොළඹ ආනන්ද විද්‍යාලයේ චනිදු රත්නායක සහ කොළඹ කාන්තා විද්‍යාලයේ රීහා විමලසේකර යන දරුදැරියන් ය.

සංජිත් ඩයස් සහ කිත්මින හේවගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි.

අවසන් පූර්ව වටයේදී අයර්ලන්ත කණ්ඩායම 7-0 ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ලෝක පාසැල් විවාද ශූරතාවය යනු පාසල් මට්ටමින් පැවැත්වෙන් ඉංග්‍රීසි විවාද ලෝක කුසලානය ලෙස සැලකේ. මෙවර තරගාවලිය මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත වුවද, Covid-19 පැන්ඩෙමික් තත්ත්වය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරුණි.

මේ වසරේ ශූරතාවලියට රටවල් 68ක් සහභාගී වී ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top