Aug 03, 2020

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැරේ අවසන් රන් දෝලි පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව අද (03) රාත‍්‍රී වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද රාත‍්‍රියෙන් මහනුවර ඇසළ පෙරහැරේ කුඹල් සහ රන්දෝලි පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

දස දිනක රාත‍්‍රි පෙරහැර නිමාවට පත් කරමින් හෙට (04) අලූයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙන අතර පස්වරුවේ දවල් පෙරහැර වීදි සංචාරය කෙරෙයි.

පෙරහැර නිමාවට පත්වීමෙන් පසුව දියඩන නිළමේ ප‍්‍රධාන බස්නායක නිළමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට පෙරහැරින් ගොස් මෙවර ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වූ බව පවසමින් සාම්ප‍්‍රදයානුකූල පෙරහැර සංදේශය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top