Aug 03, 2020

වසංගතයකදී ප්‍රතිකාර කරන්න වෙනම ඒකකයක් හදන්න සැලසුම්

වසංගත තත්ත්වයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමට හැකි සියලු පහසුකම් සහිත ඒකකයක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය (IDH) තුළ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශයේ Covid-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top