Aug 04, 2020

පොහොට්ටු, ටෙලිෆෝන්, අලි හා මාලිමා වාසි හොයන මැණික්පුරේ ඡන්ද ඔට්ටු Featured

මෙවර මහ මැතිවරණය ජය ගන්නා අපේක්ෂකයින් සහ ඔවුන්ගේ මනාප ඡන්ද ගණන් ආසන්නව කලින් පවසමින් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයින් විසින් රුපියල් ලක්ෂ ගණනින් ඡන්ද ඔට්ටු ඇල්ලීම මේ දිනවලදී ජයටම සිදුකරගෙන යන බව වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල මැණික් ව්‍යාපාරිකයින්ද සෙසු ව්‍යාපාරිකයින්ද මේ දින කිහිපයේදීම මෙම මුදල් ඔට්ටු ඇල්ලීමේ නිරත වු බව පැවසේ.

අහවල් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ඡන්ද ලක්ෂය, ලක්ෂ එකහමාර සහ ලක්ෂ දෙක ඉක්මවන බව සඳහන් ඔට්ටුද තෝරාපත්වෙන අපේක්ෂකයන් ඔවුන් මනාප ලැයිස්තුවේ පත්වෙන ස්ථානය සහ පක්ෂ ලබාගන්නා මන්ත්‍රි ධුර සංඛ්‍යාව සඳහන් ඔට්ටුද ඒ අතර වේ.

රුපියල් ලක්ෂ සියයක ඡන්ද ඔට්ටුවක්ද අල්ලා ඇති අතර එහි මුදල් ගනුදෙනු සම්බන්ධව නීතිඥවරයෙකු ඉදිරිපිට දෙපාර්ශ්වය විසින් ගිවිසුමක් අස්සන් කර ඇති බවද එම ඡන්ද ඔට්ටු අල්ලන්නෝ අනාවරණය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top