Aug 04, 2020

මරණ දඩුවම අහෝසි කරන්නැයි චොකා මල්ලිගෙන් අභියාචනයක්

මනුෂ්‍ය ඝාතන චෝදනාවකට මරණ දඩුවම හිමිවී සිටින මෙවර මහමැතිවරණයේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රත්නපුර මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් මෙම පෙත්සම ගොණුකර ඇත.

2015 ජනාධිපතිවරණය සමයේදී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තිදෙනෙකුට එරෙහිව රත්නපුර මහාධිකරණය විසින් පසුගිය සිකුරාදා (31) වැනිදා මරණ දඩුවම නියම කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top