Aug 04, 2020

ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක

හෙට (05) ඇරඹීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද (04) උදෑසන සිට ආරම්භ වූ අතර තවමත් එම කටයුතු සිදුකෙරෙමින් පවතී.

දිවයිනෙහි දිස්ත්‍රික්ක 22ක ඡන්ද මධ්‍යස්ථාන 12985ක් පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විටද සිදුවෙයි.

ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක පවතින බව අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණයට අදාල ඡන්ද පෙට්ටි බෙදාහැරීම නිසි ආරක්ෂක ක්‍රමවේද යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවන බවද, ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද මැතිවරණ කොමසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top