මෙම පෙත්සම ගොනුකර තිබුණේ, අනිවාර්ය යැයි සැලකෙන අභියෝගතා පරීක්ෂණයේ ප්‍රථිඵල මෙන්ම විශ්වවිද්‍යාලය විසින් ලබාදුන් කඩඉම් ලකුණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නොසලකා හැර තිබීම පදනම් කරගනිමිනි.
50ක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් නම් කර තිබුණු කඩඉම් ලකුණ, UGC ය විසින් 26 දක්වා අඩුකර තිබුණු අතර, අභියෝගතා පරීක්ෂණ අසමත් සිසුසිසුවියන් ද ලැයිස්තුවට ඇතුළත් කරගෙන තිබුණි.
කඩඉම් ලකුණ අඩු කිරීමට විශ්වවිද්‍යාලය ද විරෝධය පළ කර තිබේ.
මෙහිදී නීතිවේදීන් විසින් පෙන්වා දී තිබුණේ කඩඉම් ලකුණ තීරණය කළ යුත්තේ විශ්ව විද්‍යාලය මිස UGC ය නොවන බවයි.
මේ සියලු සාධක සලකා බැලීමෙන් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලය විසින් මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඇතුළත් කරගෙන ඇති මෙම සිසු කණ්ඩායමේ අධ්‍යයන මාලාව අත්හිටුවා ඇති අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මේ බව පැවසේ.
විජිත් මලගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් දර්ශිකා නයෝමි උඩුගම මහත්මිය ගේ උපදෙස් යටතේ උපුල් කුමාරප්පෙරුම, මුසාර් ලයි සහ ඔෂිනි රුබෙරු යන නීතිඥවරුන් ඉදිරිපත් විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනානි දයාරත්න මහතා ද, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය වෙනුවෙන් රජයේ අධි නීතිඥ සුරේකා අහමඩ් මහතාද පෙනී සිටියේය.