Aug 05, 2020

ඉන්දියාවේ හමුදා පුහුණුවෙන් වැඩි ඉඩක් ලංකාවට Featured

ඉන්දියාවේ සියලුම විදේශීය හමුදා පුහුණු මධ්‍යස්ථානවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙනුවෙන් බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නව ආරක්ෂක උපදේශක විකාස් සුඩ් මහතා මෙරට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ.

මෙහිදී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග මෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නේ මහතා සමගද සාකච්ඡා කළ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට දෙරටේ හමුදාව අතර සාම්ප්‍රදායික සුහදතාව වර්ධනය කිරීම හා ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැන්වීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top