Aug 05, 2020

ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ 2ක් අල්ලයි, මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් Featured

පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී ශ්‍රද්ධානන්ද විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී සලකුණු කරන ලද තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් විසින් පිළියන්දල පොලීසියට භාරදී තිබේ.

මේ අතර ඡන්දය සලකුණු කළ පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක් නාවලපිටියේ දී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා අද උදෑසන නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 51 දී ජන්දය සලකුණු කර, එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර ඇත.

සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඇතැම් ඡන්ද දායකයින් විසින් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top