Aug 05, 2020

2011න් පසු මැකෝ ඡන්දය දායි

2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (05) උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ ඔහු පැවැසුවේ ඡන්ද පොළ සුරක්ෂිත බවය.

"2011 න් පස්සේ ඡන්ද දායකයෙක් ලෙස ඡන්ද පොළට ගියේ අද.මට ඕනේ වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නෑ, ඡන්දපොළ සුරක්ෂිතයි..බය නැතුව ඡන්දේ දාන්න එන්න.."ඒ ඡන්දපොළේ ඔබට කිසිදු ගැටලුවක් නැතුව ඡන්දේ දාන්න පුළුවන්. සෞඛ්‍යාරක්ෂිතයි. ඒක නිසා කිසිම ගැටලුවක් නෑ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top