ඇමෙරිකාවේ Covid-19 වසංගතය තවතවත් දරුණු වීමත් සමග හා වැඩිපුර මුදල් ගෝලීය ආර්ථිකයට පොම්ප කිරීමත් සමග ආයෝජකයන් විසින් මුදල් රන් වලට හරවා ඇත.
මේ අතර, ඇමරිකාව හා චීනය අතර පවතින ගැටුම් ද රන් මිලට බලපා තිබේ.
රන් මිල මේ වසරේ 30%කට වඩා වැඩි වී ඇති අතර, මීට අමතරව රිදී වැනි අනෙකුත් වටිනා ලෝහ වල මිලද මේ වසර මුල සිට තියුනු ලෙස ඉහළ ගොස් තිබේ.