Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 15, 2017

ඩුබායි හි ලංකාවේ හොරු කල්ලිය අල්ලා හිරේ යවලා Featured

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මංකොල්ල කෑම් සිදු කල ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුට එරට අධිකරණයක් වසර 5 ක සිර දඩුවම් නියම කර ඇත.

 මෙලෙස සිර දඩුවම් නියම වී ඇත්තේ වයස අවුරුදු 26 ත් 40 ත් අතර වයස් සීමාවල පසුවන පිරිසකටය.

මින් හතර දෙනකු රැකියා විරහිත පුද්ගලයින් බව බවද පැවසේ.

එක් අයෙකු රියැදුරෙකු ලෙස සේවය කරන අයකු බවද ඩුබායි පුවත්පත් වාර්තා කර ඇත.

ඔවුන් සංවිධානාත්මක කල්ලියක් ලෙස ක්‍රියාත්මක වී එරට ධනවතුන්ගේ නිවාස කිහිපයක්ම මංකොල්ල කා ඇති බව පැවසේ.

කොල්ල කෑ භාණ්ඩ අතරට ස්වර්ණාභරණ, විද්‍යුත් උපකරණ ඇතුලු භාණ්ඩ රැසක්ද ඇතුලත්ව ඇතැයි එරට පොලිසිය පවසා තිබේ.

ඒ අතරින් භාණ්ඩ රැසක්ම සොයා ගැනීමට එක්සත් අරාබි එමීර් පොලීසිය සමත්වී ඇති බවද පැවසේ.

මෙම පුද්ගලයන් සිර දඩුවම් කාලය ගෙවා දැමීමෙන් පසු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසටද අධිකරණය නියෝග කර ඇත.

කෙසේ වෙතත් එරට නීතිය අනුව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම සදහා ඔවුන්ට දින 15 ක කාලයක් හිමි හිමිවන බවද මේ අතර වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top