Aug 07, 2020

කොළඹ බලය පොහොට්ටුව අල්ල ගනියි !

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද සංඛ්‍යාව 674603 ක් ලබා ගනිමින් ආසන 12ක් හිමිකරගෙන තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද 387,145ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇත.

ඡන්ද 67,600ක් හිමිකරගත් ජාතික ජන බලවේගය එක් ආසනයක් හිමිකරගෙන තිබේ.

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් හෝ ලැබී නොමැත. 

ඒ අනුව එජාප නායකයාට ද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top