Aug 07, 2020

ජීවන් නුවරඑළියේ එක: මුරලිගේ සොයුරාට මැතිසබේ නොඇරෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ දිවංගත හිටපු අමාත්‍ය ආරමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා මනාප ලක්ෂයකට වඩා වැඩියෙන් ලබා ගනිමින් (109,155) නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුද, පොහොට්ටු පක්ෂයෙන් තරග වැඳුනු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සොයුරු ප්‍රභූ මුරලිදරන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වී තිබේ.

නමවැනි පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ අපේක්ෂකයෝ මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

ජීවන් තොණ්ඩමන්  - 109,155
සීබී රත්නායක - 70,871
එස්.බී දිසානායක - 66,045
එම්. රමේෂ් -   57,902
නිමල් පියතිස්ස -   51,225

සමගි ජන බලවේගය 

පලනි දිගම්බරන් - 83,392

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top