Aug 07, 2020

පොහොට්ටුව ඡන්ද 68 ලක්ෂය පන්නයි: 39 ලක්ෂයක් ඡන්දය දාල නෑ

දිවයිනේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජන්ද 68,53690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණය ජය ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට ජාතික ලයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ආසන 17ත් සමඟ මන්ත්‍රී ආසන 145ක් හිමිව තිබේ.

3/2 නොලැබෙයි

කෙසේවුවද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් හිමිව නොමැත. ඒ සඳහා තවත් මන්ත්‍රී ආසන 5ක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

සමගි ජන බලවේගය

මෙවර දෙවැනි වැඩිම ආසන ප්‍රමාණය හිමිකරගෙන ඇත්තේ සමගි ජන බලවේගයයි. 

ඔවුන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 7ක් ඇතුළුව ආසන 54ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයට මෙවර හිමිව ඇත්තේ ආසන 03ක් පමණි. ඔවුන් 3.8% ප්‍රතිශතයක් රඳවාගනිමින් ඡන්ද 445,958 ක් ලබාගෙන තිබේ.

ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසකච්චු පක්ෂය ආසන 10ක්ද,  අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂය ආසන 2ක්ද, අපේ ජන බල පක්ෂ හා තමිල් මක්කෙයි විඩුතලේ පුලිකල් ආසන එක බැගින් දිනාගෙන ඇත.

එජාපය

මෙවර ඡන්ද 249,435 ක් පමණක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකිවූ අතර ඔවුන්ට හිමිව ඇති එකම ආසනය ජාතික ලයිස්තු කෝටාව අනුව හිමිව තිබේ.

ප්‍රතික්ෂේපිත ඡන්ද

මේ අතර 3,920,576 ක ප්‍රමාණයක් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර නොතිබූ අතර ප්‍රකාශිත ඡන්ද අතරින්ද 744,373ක් (ප්‍රතිශතයක් ලෙස 4.58 ක්) ප්‍රතික්ෂේපිත ඡන්දවීම විශෙෂිතය. කෙසේවුවද, ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය පළමු හා දෙවන පක්ෂ දෙක හැර සෙසු පක්ෂ සියල්ලෙහිම ප්‍රතිශත ඉක්මවා තිබේ.

Graph 600px 20 07 08

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top