Aug 07, 2020

විමල් දෙක කරමින් සරත් කොළඹ එක වෙයි 

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ මනාප ඡන්ද  328,092ක් ලබාගත් සරත් වීරසේකර මහතාය.

2015 මහ මැතිවරණයේදී පළමු ස්ථානයට පත් විමල් වීරවංශ මහතා මෙවර දෙවැනි ස්ථානයට පත්ව සිටී.

එසේම ඔහුට 2015 දී ලැබුණු මනාප ගණනට වඩා මෙවර මනාප 46,717 ක් අඩුවී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන බෙදීගිය අයුරු හා ජයග්‍රාහී අපේක්ෂකයන්ට හිමිවූ මනාප ගණන් පහත දැක්වේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12

(01) සරත් වීරසේකර - 328,092
(02) විමල් වීරවංශ - 267,084
(03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331
(04) විජේදාස රාජපක්ෂ - 120,626
(05) බන්දුල ගුණවර්ධන - 101,644
(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958
(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287
(08) මධුර විතානගේ - 70,205
(09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055
(10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543
(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත - 50,321
(12) ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය - ආසන 06

(01) සජිත් ප්‍රේමදාස - 305,744
(02) එස්.එම්.මරික්කාර් - 96,916
(03) මුජිබර් රහුමාන් - 87,589
(04) හර්ෂ ද සිල්වා - 82,845
(05) පාඨලි චම්පික රණවක - 65,574
(06) මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය - ආසන 01 

(01) අනුර කුමාර දිසානායක - 49,814

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top