Aug 08, 2020

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් 17ක් මරුට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය.

එයාර් ඉන්දියා ගුවන් සේවය නිවේදනය කළේ ඩුබායි සිට කොලිකෝඩ් (කැලිකට්) දක්වා පියාසර කළ මෙම ගුවන් යානයේ පුද්ගලයින් 190 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

IX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.

ගුවන් යානයේ මගීන් 174ක්, ළදරුවන් 10ක්, ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩල 4 ක්  ගමන් ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top