Aug 08, 2020

එජාප නායකත්වය රුවන්ට දෙන්න රනිල්ගේ අවධානය ?

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අද (08) උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරවා ඇති බවද පැවසේ.

ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එකී ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳද තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති අතර තමන්ට ඒ මන්ත්‍රීධුරය ලබා දෙන මෙන් හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු එජාප නායකයාට දරුණු ලෙස බලපෑම් කරමින් සිටින බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top