Aug 08, 2020

ආණ්ඩුවට තවත් 10ක් එකතුවෙන්න කතාකරයි: සජිත්ගේ අයත් ඒ අතර

අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙක්, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ නියෝජනය කරන මන්ත්‍රීවරු සිව්දෙනෙක්, නැගෙනහිර පළාතේ සුළු ජාතික පක්ෂ දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ පොළොන්නරුවේ එක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටිති.

පොළොන්නරුවේ ආණ්ඩුබලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමතරව තේරීපත් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තේරී පත්වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගයෙනි.එම මන්ත්‍රීවරුන් නව ආණ්ඩුවට සහය දීමට පසුගිය සිකුරාදා සිට සාකච්ඡා කරන බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top