Aug 10, 2020

මන්ත්‍රීවරු ලියාපදිංචිය Online ඔස්සේ

නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර සෑම පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම සිදුකරන අතර මීට පෙර එය සිදුකරනු ලැබුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා වුව ද රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අගෝස්තු මස 20 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top