Aug 11, 2020

ටැක්සි ඩ්‍රයිවර්ගේ ගිණුමේ කුඩු සල්ලි කෝටි 18ක්! Featured

කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ජාවරම් කළ අයකු තලංගම පොලිසිය මගින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී ඔහුගේ බැංකු ගිණුමේ අවුරුද්දක කාලයක දී දහඅට කෝටි හැටපන් ලක්ෂ අනූ හය දහස් පන්සීයක මුදලක් සංසරණ වී ඇතැයි පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු හෝකන්දර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 37 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු සතුව තිබී හොරොයින් ග්‍රෑම් 25ක්, මුදල් රුපියල් ලක්ෂ 5ක් සහ රුපියල් ලක්ෂ 15ක් පමණ තිබෙන බැංකු ගිණුමක් ද සොයාගෙන තිබේ.

ඊයේ (10) පෙරවරුවේ හොරොයින් මිලිග්‍රෑම් 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ලද තොරතුරු මත ග්‍රෑම් 3 1/2ක් සමග තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුට හෙරොයින් ලබා දී ඇත්තේ මෙම කෝටිපති ගිණුම් හිමියා බවට විමර්ශනවල දී හෙළි වී තිබේ.

සැකකරු සතුව විවිධ බැංකුවල ගිණුම් කිහිපයක් තිබී ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top