Aug 11, 2020

අමුත්තන්ට 15දා සිට බන්ධනාගාර දොරටු ඇරෙයි

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා ලබන 15 වැනි දා සිට යළි අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සතියකට එක් අමුත්තෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවන බවද රැඳවියා හමුවිය හැක්කේ රැඳවියා විසින් නම් කරනු ලබන ළඟම ඥාතියෙකුට පමණක් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.  

ඔවුන් හමුවීමට පැමිණිමේදී ආහාර රැගෙන ඒමට අවස්ථාවක් නොලැබෙන අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබාදීමට අවස්ථාව සලසා තිබේ.

බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සියලු බන්ධනාගාර ආශ්‍රිතව එම කටයුතු ක්‍රියාවට නංවන බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top