Aug 11, 2020

රිවර්ස් එකට යන දියඇළි (වීඩියෝ)

පසුඅතට ගමන් කරනා දියඇළි කිහිපයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝයල් ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වේ.

පවතින අධික වර්ෂාව හා මුහුදේ සිට හමන අධික සුළං තත්ත්වය හේතුවෙන්, කඳු මුදුනේ සිට කෙලින්ම මුහුදට ගලා හැළෙන මෙම දිය ඇළි වල ජලය යළිත් උඩුඅතටම විසිවී යයි.

මෙවැනි සිදුවීම් දක්නට ලැබෙන්නේ වසරකට කීප වරක් පමණක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන සිඩ්නි නුවරෙන් පසුගියදා අධික වර්ෂාපතනයක් වාර්තා වු ඇති අතර, රෝයල් ජාතික වනෝද්‍යානයට පැයට කි.මී. 74ක වේගයෙන් ගමන් කරන සුළං හමා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top