Aug 11, 2020

මහාචාර්ය ධමිමක ගංගානාත් සමුගනියි !

ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී අභාප්‍රාප්ත වී අත.

ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද කෙටි කළක් කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්ව විද්‍යාලයකිනි.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top