Aug 12, 2020

බතික් නිෂ්පාදන රාජ්‍ය ඇමති දයාසිරි 

බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිවුරුම් දෙනු ලැබීය.

සෙසු රාජ්‍ය අහාත්‍යවරු මෙසේය.

  • ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය
  • දුමින්ද දිසානායක - සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • දයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
  • ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  • සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය
  • අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
  • නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
  • ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය
  • ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  • දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  • මොහාන්ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
  • ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • විජිත බේරුගොඩ - දහම් පාසල් භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය
  • ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ
  • විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top