Aug 12, 2020

CIDයේ නිශාන්ත සිල්වා දුටුතැන අල්ලන්න වරෙන්තු ? Featured

රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වාට එරෙහිව ‘දුටුතැන අල්ලනු’ යැයි දැක්වෙන ඉන්ටර්පෝල් වරෙන්තුවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය රහස් හෙළි කිරීම, විදේශ තානාපති කාර්යාලයන් සමග සබඳකම් පැවැත්වීම, සාවද්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම හා රජයට හොරෙන් රටින් පැන යෑම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ.

මේ හැර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ බවට ජෙයනි ත්‍යාගරාජා නමැති ප‍්‍රංශ ද්‍රවිඩ තරුණියට ප‍්‍රකාශ කිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවී ඇත.

පසුගිය වසරේ නොවැම්බර් 24 වැනිදා මෙරටින් ස්විට්සර්ලන්තයට පැනගිය නිශාන්ත සිල්වාට ස්විස් රජය දේශපාලන රැකවරණ ලබාදී ඇති බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top