ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ බළධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ගනු ලැබු තීරණ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මේ අවස්ථාවේ තරගාවලිය පැවැත්වීමේ දුෂ්කරතා සැළකිල්ලට ගෙන වේ.
ඒ අනුව කොරෝනා වංසගතය සමඟ පවතින තත්ත්වය මත නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙලෙස තරගාවලියේ ආරම්භය ප්‍රමාද කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
එමෙන්ම මේ වන විට සංචාරක කටයුතු නවතා දමා තිබීම, කොළඹ ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා වීම, ඇතැම් රටවල්වල ගුවන් තොටුපොළවල් වසා දමා තිබීම ද විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේදී අභියෝග බවට පත්ව තිබේ.
ඒ අනුව තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු නොවැම්බර් මස මැද භාගයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.