Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 16, 2017

ලසන්ත ඝාතනයට සැකකළ හමුදා නිලධාරියාට වන්දියක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකු  මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තැබීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නිලධාරියාට වන්දි හැටියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

විනිසුරු සිසිර ද ආබෲ මහතා විසින් උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප‍ල්වරයෙකු වන කේ.පියවංශ මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ඞී.එස්.වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්.හෙට්ටිආරච්චි සහ පොලිස් පරීක්ෂක බෝගමුව යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top