අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.
කෙසේවුවද, පසුගිය කාලයේදී එම පක්ෂය සමඟ මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ හවුල්කාර පක්ෂ මන්ත්රී ධූරය බැගින් ඉල්ලා සිටිය ද ඔවුන්ට අදාළ ලයිස්තුවෙන් මන්ත්රීධූර ලබා දී නැතැයි වාර්තා වේ.
සමගි ජන බලවේගය විසින් ජාතික ලයිස්තු මන්ත්රීවරුන් ලෙස පත් කර ඇති අය මෙසේය.
රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බකීර් මාකර්, ඉරාන් වික්රමරත්න, හරීන් ප්රනාන්දු, මයන්ත දිසානායක, ඩයනා ගමගේ
සබැඳි පුවත්
පාඨලී, බදුයුදීන්, හකීම් හා මනෝ සජිත්ගෙන් ලයිස්තු මන්ත්රීකම් ඉල්ලයි!