මෙම අවසරය ලැබී ඇත්තේ පසුගිය සිකුරාදා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය.
ඒ අනුව අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ අමානි තාන්ජි, නීතිඥවරියක වන සිවකාම සුන්දරී හා මදුරෙහි පදිංචි එස්. දියනේස්වරන් යන සැකකරුවන් තිදෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ.
මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං නමැති ව්‍යාජ නමකින් ඉන්දීය පුරවැසියෙකු ලෙස පෙනී සිටීමට සහය දුන් බවට චෝදනා කරමින් බව වාර්තා වේ.
අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගේ DNA සාම්පල ඉන්දියාවට
ඉන්දියාවේදී මිය ගිය බවට සැක කෙරෙන අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා ගේ ඩී. එන්. ඒ සමග සැසඳීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්ගේ සාම්පල ඉන්දියාවට යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.