Aug 14, 2020

මෙරට සේවය කරන විදේශිකයින්ට බද්දක් පනවයි

ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇත්තේ මෙම වසරේ අප්‍රේල් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත අත්තිකාරම් පුද්ගල බද්ද හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව සේවා යෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.  

ForiegnE1 670px 20 08 14

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top