Aug 14, 2020

සියලු සරසවි සඳුදා සිට යළි ඇරඹෙයි

ලබන 17 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර කොරෝනා වසංගතය ආශ්‍රීත තත්වය නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නේවාසිකාගාර වල එක් කාමරයක එක් සිසුවෙකු පමණක් රැදවීමට ගත් වැඩපිළිවෙලද මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කළේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ලබන 17 සඳුදා සිට විශ්වවිද්‍යාල සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු සඳහා යොමුවෙනවා. ජුලි මස 15 දා සිට වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග වලින් ආරම්භ කර ක්‍රමානුකූලව අවසන් වසර තුන්වැනි වසර විභාග දක්වා කටයුතු කරගෙන ආවා.ඒ සියල්ලම අතිශය සාර්ථක වුණා. අන්තර්ජාලය හරහා දරුවන්ට උගන්වන්න කරපු සැලසුම සාර්ථකයි. දරුවනුත් කුමන බාධක තිබුණත් කෙසේ හෝ අධ්‍යන කටයුතු සඳහා යොමුවුණා.”

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top