Sep 09, 2020

මාස 8ක් තුළ බෙහෙත් වර්ග 45ක් ඉවතට

මෙම වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල බෙහෙත් එන්නත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මෙම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 න් 27ක්ම ඉවත් කර ඇත්තේ ජනවාරි, පෙබරවාරි හා ජුනි යන මාසවලදී බව ඔවුන් අවධාරණය කරයි.

මෙසේ තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් ඉවත් කර ඇති බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අතර පැරසිටමෝල් පෙති, බෙන්සතින් පෙනිසිලින් එන්නත්, වැන්කෝමයිසින් එන්නත්, කැල්සියම් ග්ලූකොනෙට් එන්නත්, සයික්ලොස්පෝරින් කරල්, සෙෆලෙක්සින් සිරප්, ඩෙක්ස්ට්‍රොස් ද්‍රාවණය හා වෝෆරින් සෝඩියම් පෙති වේ.

මෙම බොහෝ බෙහෙත් වර්ග භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ඒවායේ දුර්වර්ණ කොටස් අඩංගු වීම, ඇසුරුම්වල ගැටලූ වැනි හේතු මුල් කරගෙන බව වෛද්‍ය සැපයුම් අංශය විසින් රජයේ රෝහල් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත එසේ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග කාණ්ඩ භාවිතයෙන් ඉවත් කරන ලෙසට යවා ඇති චක‍්‍රලේඛවල සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top