Sep 10, 2020

STF 1ට විරෝධය පා කංජිපානී, සුදා, ලැසියා හා තාරක කෑම එපා කියයි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේසුදා ඇතුළුවිශේෂ ගණයේ රැඳවියන් පිරිසක්අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

කොරෝනා සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම සහ විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කරමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරතව සිටියි.

දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙකු මෙලෙස වර්ජනයේ නිරතවී ඇති බව සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top