Sep 11, 2020

ප්ලාස්ටික් බිත්තර කන්න දුන් හෝටල් හිමියාට වැඩ වරදියි

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (10) වටලා තිබේ.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී තිබුණ ද ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී ඇත.

වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළිවී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල බිත්තර මිල ඉහළ අගයක පවතින හෙයින් හෝටල් හිමියා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවද අදාළ හෝටල් හිමියාට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top