Sep 13, 2020

රුවන් හෙට එජාපයේ නියෝජ්‍ය නායක වෙයි: ජනවාරියේ නායකයා වෙයි

මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14) තෝරා පත් කර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක බවද පැවසේ.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය.

පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කෙරෙනු ඇත.

නියෝජ්‍ය නායකත්වයට පත් වන පුද්ගලයා ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top