Sep 14, 2020

13වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන 13වැනි කොරෝනාවෛරස් රෝගියා අද (14) හලාවත රෝහලේ දී මියගියේය.

60 හැවිරිදි ඔහු පසුගිය 02දා බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකි. ඔහුව පසුගිය 09දා හලාවත රෝහලට ඇතුළත් කර තිබුණි.

නාවිකයෙකු වශයෙන් සේවය කළ ඔහු, නුගේගොඩ පදිංචිකරුවෙකි.

එම මරණයට ආසන්තම හේතුව වශයෙන් දැක්වෙන්නේ හෘදයාබාධයකි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ එම පුද්ගලයා Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන Covid-19 මරණය බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top