Sep 14, 2020

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබේ.


රුවන් විජේවර්ධන මහතා සහ රවී කරුණානායක මහතා අතර පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්ද විමසීමෙන් ඔහු මෙම ධූරයට පත්විය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානිත්වයෙන් අද (14) ප.ව. 3.00ට ආරම්භ විය.

පසුගිය මහමැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පක්ෂ නියෝජිතයෙකු පත්කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top