Sep 15, 2020

KG කිලෝ 52ක් හා කහ කිලෝ 920ක් එක්ක 4ක් STF දැලේ

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (15) අලුයමදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී අමෙරිකානු ඩොලර් 100යේ නෝට්ටු 5ක්, රුපියල් 17,25 000ක මුදලක්, ලොරියක් සහ ට්‍රැක්ටරයක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

මොවුන් මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලටද සම්බන්ධ යැයි මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී වූ බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top