Sep 15, 2020

අද පළාත් කිහිපයකට වැසි

අද දිනයේදී පළාත් කිහිපයකට විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැඩි ඇති වනු ඇති අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වියහැක.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top