Sep 15, 2020

බස්, ත්‍රීරෝද රථ හා යතුරුපැදි එකම මංතීරුවක

හෙට (16) සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කළ යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියි.

ඊයේ (14) සිට යළි ක්‍රියාත්මක වූ මංතීරු නීතිය අනුව බස් රථ, මාර්ගයේ වම් කෙළවර මංතීරුවේ ධාවනය කිරීම සිදු කෙරුණී. ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණි.

නව ක්‍රමවේදය අනුව බස් රථවලට අමතරව ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ද එම මංතීරුවේ ධාවනය කළ යුතුවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top