Sep 15, 2020

මධ්‍යම අධිවේගයේ මුල් කොටසේ ඉදිකිරීම් ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් කටයුතු අද (15) ආරම්භ කළ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, තානාපති කාර්යාලය පවසා සිටියේ මගින් ඍජු රැකියා ඇතුළු රැකියා අවස්ථා 1,500ක් මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකිකයන් හට උදාවන බවයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ චීනයේ Metallurgical Corporation වන අතර, මේ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 989ක සහනදායී ණය ලබාදී ඇති බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

China1 670px 20 09 15

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top